ජනාධිපති අත්සන, ව්‍යාජ ලෙස යොදා ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිවෙකු සම්බන්ධ නැහැ - අගමැති කාර්යාලය

ජූනි 10, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අත්සන, ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලේඛන භාවිත කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුට, එම ලේඛන සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු පුද්ගලයෙකු සම්බන්ධ වී නැතැයි, රජය පවසයි.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී ඒ බව තහවුරු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ජනාධිපතිතුමාගේ අත්සන, ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලේඛන භාවිත කළැයි පැවසෙන සිද්ධියට අදාළ සැකකරුට, එම ලේඛන සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පුද්ගලයෙකු සම්බන්ධ වී ඇති බවට පසුගියදා පුවත්පත්වල ප්‍රවෘත්තියක් පළ කොට තිබිණ. ජනාධිපතිතුමාගේ නම හෝ අත්සන යොදා ගනිමින්, රාජ්‍ය ආයතනවලට බලපෑම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වේ නම්, ඒ පිළිබඳ දැනුම් දෙන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ද පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබිණ.

    Latest News