අගමැති උපදෙස් පරිදි රට පුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්

ජූනි 10, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි, රට පුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් අද ආරම්භ කෙරිණ.

    අග්‍රාමාත්‍ය නිල නිවස හා ඒ අවට පරිසරය පිරිසිදු කිරීම සහ දුමායනය කිරීම සිදුකරනු ලැබුවේ, කොළඹ මහ නගර සභාවේ ජන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්.

    දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය කොළඹ නගරයෙන් ඇරඹිණ. මදුරු මර්දන කණ්ඩායම් 62ක්, මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා පිරිසිදු කිරීමටත්, මදුරු ගහණය අධික ස්ථාන දුමායනය කිරීමත් අද සිදු කෙරිණ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණු මහතා කියා සිටියේ, කොළඹ නගරයේ සියලු පරිශ්‍ර පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බවයි. මදුරු ගහණය අවම කිරීම එහි අරමුණයි. අහඹු ලෙස තෝරාගත් පාසල්වල ඩෙංගු කීට විද්‍යා සමීක්‍ෂණය සිදු කෙරිණ. පාසල්වලින් බහුතරයක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ බෝ විය හැකි ස්ථාන ඇති බවට හඳුනා ගැණින. එම පාසල් ආරම්භ කිරීමට පෙර දෙමාපියන් සහ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

    Latest News