සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර්‌ රථය අත්‌අඩංගුවට (වීඩියෝ)

ජූනි 10, 2020
  • මොරටුව සොයිසාපුර මංසන්ධියේ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

    වෙඩි තැබීමේ සිද්ධියට යොදා ගැණුනු මෝටර් රථය හා රියදුරු ද ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබිණ. වාහනයේ හිමිකරු ද ඔහුයි.

    ඉකුත් 19 වැනිදා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති අවස්ථාවේ කඩු ඇතුලු තියුණු ආයුධ සහිතව මෝටර් රථයකින් පැමිණි කිහිප දෙනෙකු එම අවන්හලේ දේවලවලට හානිකර සේවකයෙකුට ද තුවාල සිදුකර පලාගොස් තිබිණ. ඉන්පසු ඉකුත් 28 වැනිදා මධ්‍යම රාත්‍රී 12.20ට පමණ මෝටර් රථයකින් පැමිණි තවත් පිරිසක් ගිනි අවි යොදාගෙන ආපන ශාලාවට වෙඩි තබා තිබිණ. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් බස්නාහිර බුද්ධි නිලධාරීන් කළ විමර්ශනයකින් ඊයේ මෝටර් රථය හා 50 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගැණින. මොරටුව මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා සැකකරු හෙට දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද අවසර ලබා දුන්නේය. වෙඩි තැබීමට යොදාගත් ටී-56 ගිනි අවිය අඟ්‍රලාන ප්‍ර දේශයේ පුද්ගලයෙකුට රැගෙන ගොස් බාරදී ඇත්තේ ඔහු විසින් බව හෙළි වී ඇත.

    Last modified on බදාදා, 10 ජූනි 2020 19:54

    Latest News