කුඩා ව්‍යාපාර නඟා සිටුවීමට ණය මුදලක්

ජූනි 09, 2020

    කුඩා ව්‍යාපාර නඟා සිටුවිම සඳහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්මක බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා ගලෙන්බිදුණූවැව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසීය.

    “ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා නම් පිටරටින් ගේන එක නවත්වන්න ඕනි.

    අපේ රටේ මිනිසුන්ගේ ජිවිත වලට නැගිටින්න ඉඩ දෙන්න ඕන.

    බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්කරලා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් පටන් ගත්තා.

    ඔබ පටන් ගත් සුළු ව්‍යාපාර කොරොනා වෛරසය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය මත දැන් නැවතිලා තිබෙනවා.

    අපි 5000 දිමනාව ලබාදුන්නත්, එම කුඩා ව්‍යාපාර නැවත ආරම්භ කරන්න ඒ මිනිසුන්ට ප්‍රාග්ධන මුදලක් අවශ්‍යයයි.

    ඒ අනුව රජය, බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කාර්ය සාධක බලකාය සාකච්ඡා කොට තීන්දු කළා මේ රටේ කුඩා ව්‍යවසායකයින්ට 4% පොලියට සුළු ණය මුදලක් ලබාදෙන්න.

    මේ ඔබගේ ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න ලබාදෙන මුලික ප්‍රාග්ධන මුදලක්.

    එම ණය මුදල ලබාදීම ලබන මස සිට ක්‍රියාත්මක වෙනවා.”

    Latest News