සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට නිවාඩුවක් - තරු පන්තියේ හෝටලයක

ජූනි 09, 2020

    කොව්ඩි - 19 රෝගීන් සමඟ දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමඟ දින දෙක තුනක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

    කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.

    එම අවස්ථාවේ දී අමාත්‍යවරිය විසින් මෙම අදහස් පළ කෙරිණි.

    මෙහි දී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදුවන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කර තිබේ.

    මෙම ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

    මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, කොරෝනා රෝගීන්ට ප්‍රණීත කෑම වේලක් සහ අනෙකුත් පහසුකම් ලබාදීම වගකීමක් වන බවයි.

     

    Latest News