මංගල සමරවීර දේශපාලනයට සමුදෙයි

ජූනි 09, 2020

    මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.

    ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බවය.

    මනාප අංක සම්බන්ධයෙන් අද (09) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඔහු මාතර දිස්ත්‍රික්ය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුණි.

    මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වියයුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය.

    මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමු ගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි අවධාරණය කර සිටි මංගල සමරවීර මහතා, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශිර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කියා සිටියේය.

    Latest News