සුවය ලැබු ආසාදිතයින් ගණන දහස ඉක්මවයි

ජූනි 09, 2020

    මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ගේ ගණන දහස ඉක්මවා ගොස් තිබේ.

    අද (09) දිනයේ මේ වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 67ක් පූර්ණ සුවය ලබා පිටව ගියේය.

    හෝමාගම මූලික රෝහලේ 12 දෙනෙක්, වැලිසර නාවික රෝහලේ 35 දෙනෙක්, වැලිකන්ද හා මුල්ලේරියාව යන රෝහල්වලින් 6 දෙනෙක්, ඉරණවිල රෝහලෙන් 5ක් සහ අයි.ඩී.එච් රෝහලෙන් තිදෙනෙක් ලෙස වෛරස ආසාදිතයින් සුවය ලබා තිබේ.

    ඒ අනුව මේ වන විට මෙරට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1857 දෙනාගෙන් 1057 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    තවත් වෛරස ආසාදිතයින් 789ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 13:48

    Latest News