2020 මැතිවරණය පවත්වන දිනය මේ සතියේ - මහින්ද දේශප්‍රිය

ජූනි 08, 2020

    2020 මැතිවරණය පවත්වන දිනය මේ සතිය තුළදි නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද (08) පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව සහන් කළේය.

    මනාප අංක පිළිබඳ ගැසට් පත්‍රය හෙට ( 09) නිකුත් කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

    මැතිවරණ ප්‍රචාරණ සම්බන්ධ උපදේශන ගැසට් පත්‍රයක් මගින් බලාත්මක කරන ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු පැවසීය.

    Last modified on සදුදා, 08 ජූනි 2020 18:46

    Latest News