නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩ භාර ගනි

ජූනි 08, 2020

    පසුුුුුගිය ජුනි මස 03 වැනි දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට පත් කළ තුෂාර උපුල්දෙණිය එම තනතුරේ වැඩ භාරගෙන තිබේ.

    නව බන්ධනාගාර කොමසාරිස් ධූරයට පෙර ඔහු බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) ලෙස කටයුතු කර ඇත.

    කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිධරයකු වන උපුල් දෙණිය මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

    ලොව පුරා රටවල් 15ක පමණ බන්ධනාගාර කේෂ්ත්‍රය පිළිබද විවිධ පුහුණු වීම් ලබා ඇති තුෂාර උපුල්දෙනිය මහතා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජ විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකි.

    Latest News