ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න අතුරු තහනම් නියෝගයක්

ජූනි 08, 2020

    අනිවාර්ය නිවාඩු යවා සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධීකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියේ සැකකරුවෙකු ලෙස පිලපිටිය මහතා නම් කර සිටිනවා.

    ගිහාන් පිලපිටිය මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සළකා බැලීමෙන් පසුව එය විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලකුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ.

    පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන්ට නොතීසිද නිකුත් කෙරිණ.

    Latest News