කහ තිත් පළඟැටි - උවදුර පාලනයට විශේෂ වැඩසටහනක්

ජූනි 08, 2020

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින කහ තිත් සහිත පළඟැටි කෘමි තර්ජනය මැඩපැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් දියත් කරයි.

    මෙම උවදුර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පැතිර පවතී.

    මුලින් ගෙවතු වගාවට පමණක් සීමා වූ මෙම කහ පළඟැටි තර්ජනය දැන් තේ, පොල් සහ රබර් වගාවන් දක්වා ව්‍යාප්ත වී ඇත.

    මීට පෙර මෙම පළඟැටියන් උවදුර මාතර, අඹේපුස්ස සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් වාර්තා විය.

    උවදුර මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ගොවීන් වෙත ප්‍රාදේශීය මහලේකම් කාර්යාල මට්ටමින්, කෘෂිකර්ම නිලධාරීන් හරහා දැනුම් දී තිබේ.

    මේ සම්බන්ධ ගැටළු 1920 දුරකථන අංකය ඇමතීමෙන් දැනුම් දිය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News