ඩී.අයි.ජී. වරුණ ජයසුන්දර එස්ටීඑෆ් හී නව සේනාවිධායක ලෙස පත් කෙරේ

ජූනි 08, 2020

    පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නව සේනාවිධායක ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පත් කර ඇත.

    දැනට පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක ත්‍රිකුණාමල නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර නව තනතුරට පත් කිරීමට වැඩබලන ​පොලිස්පතිවරයා පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.

    පොලිස් කොමිසම මේ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එය මැතිවරණ කොමිසමටද නිර්දේශ කර යවා ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා පාතාල මර්දන ඒකකය හා බුද්ධි බළකායේ ආරම්භක නිර්මාතෘවරයකු වන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේද සාමාජිකයෙකි.

    Latest News