පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු කිලෝ 2000 ක් අත්අඩංගුවට

ජූනි 07, 2020

    පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු කිලෝ දෙදහසක් කන්තලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.

    දඹුල්ල ප්‍රදේශයේ සිට කින්නියාවට ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ළූණු තොගය සොයා ගැනුණේ.

    කන්තලේ අග්බෝපුර පොලිස් මාර්ග බාධකයේදී කළ පරික්ෂාවේදී මේවා සොයා ගැණුනු අතර, පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 65 ක් ද සොයා ගෙන තිබෙනවා.

    මේවා මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් පරික්ෂාවට ලක්කළා.

    සැකකරුවන් කන්තලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මේ අතර යල කන්නයේ දේශීය අර්තාපල් සිටුවීම ආරම්භ කිරීමට ගොවි ජනතාව කටයුතු කරමින් සිටිනවා.

    වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල, බොරලන්ද, බෝගහකුඹුර, ඇටැම්පිටිය සහ බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල ගොවි ජනතාව අර්තාපල් වගාකිරීම ආරම්භ කර තිබෙනවා.

    Latest News