කොවිඩ්-19; 891ක් පූර්ණ සුවය ලබයි

ජූනි 06, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුනු 891 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා තිබේ.

    තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ, 908 දෙනෙකු පමණි.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 09 දෙනෙකු අද හඳුනා ගැණින. ඔවුන්ගෙන් 8 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන්. අනෙක් පුද්ගලයා කුවේට් සිට මෙරටට පැමිණි අයකෙු බව වාර්තාවේ.

    අද වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 රෝගීන්ගෙන් 890 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 49.17%ක්. තවත් 606 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශයන්හි සිට මෙරටට පැමිනි පුද්ගලයින්ගෙන්. එම ප්‍රතිශතය 33.48ක්. සෙසු සියලු දෙනාම දේශීයව හඳුනා ගැණුනු කොවිඩ්-19 රෝගීන්. එම සංඛ්‍යාව, 313ක්. ප්‍රතිශතයක් ලෙස 17.29ක් වේ.

    වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් ද අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. එම පිරිසට 46 දෙනෙකු ඇතුලත්. ඔවුන්, අබුඩාබි සහ ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමුකළ පිරිසක්. පිරිස නුවර, කොළඹ සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. ඊට 70 දෙනෙකු අයත්. ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයින් බව වාර්තාවේ.

    හෝමාගම, පිටිපන යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් ද නිරෝධායන කාලසීමාව අදින් අවසන් කළේය. එම පිරිසට 159 දෙනෙකු අයත්. ඔවුන් රුසියාවේ සිට මෙරටට පැමිණි පිරිසට අයත්වේ.

    රාජගිරිය ආයුර්වේද රෝහල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් ද අද සිය නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගියේය. පිටත්ව ගිය පිරිසට 42ක් අයත්වේ.

    මේ අතර, ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපලේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද පැමිණියේය. පැමිණි පිරිසට 235 දෙනෙකු අයත් වූහ. පිරිස නාවික ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරතවන්නන් බව වාර්තාවේ. PCR පරීක්‍ෂණ සඳහා ජෛව පටල සාම්පල ලබාගෙන ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

    ලෙබනනයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට එරටේ දී නොමිලයේ PCR පරීක්‍ෂණ සිදු කිරීමට ලෙබනන රජය එකඟ වී තිබේ. ඒ එරට ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය හා ලෙබනන් කම්කරු ඇමතිනි ලාමියා යමීන් මහත්මිය අතර පැවති සාකච්ජාවලින් පසුවයි. කලින් PCR පරීක්‍ෂණ සඳහා අමෙරිකානු ඩොලර් 20ක මුදලක් අය කිරීමට ලෙබනනය පියවර ගෙන තිබිණ. එහෙත්, ශ්‍රී ලංකා තානාපතිනිය සමඟ පැවැත්වූ සාකච්ජාවලින් පසු එම පහසුකම ශ්‍රී ලංකා සේවකයින් සඳහා නොමිලයේ ලබාදීමට ලෙබනන රජය එකඟතාව පළ කර තිබේ.

    Latest News