මෙරටට පැමිණීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට ලෙබනනයේදී නොමිලේ PCR පරීක්ෂණ

ජූනි 06, 2020

    ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් තම රටේ රැඳී සිටන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ PCR පරීක්ෂණ සිදු කිරීමට ලෙබනන් රජය එකඟත්වය පළ කර තිබේ.

    එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙබනන් රාජ්‍යයේ කම්කරු අමාත්‍යවරිය සමග කළ සාකච්ඡාවකින් පසු මේ එකඟතාවට එළඹ ඇතැයි, විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා. ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කම්කරුවන්‌ මුහුණදී ඇති රැකියා ගැටලු, වැටුප්‌ නොගෙවීම් සහ සෞඛ්‍ය ගැටලු වැනි කරුණු කෙරෙහි මේ සාකච්ඡාවේ අවධානය යොමු වි තිබුණා. එහිදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්හට නොමිලයේ පී සී ආර්‌ පරීක්‍ෂණ සිදු කරදෙන ලෙස තානාපතිවරයා කළ ඉල්ලීමට රජයේ එකඟතාව පළ වී තිබෙනවා.

    Latest News