ආරුමුගම් තොන්ඩමන් මහතා දැයෙන් සමුගනී

මැයි 31, 2020

    ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අද දැයෙන් සමුගනී.

    ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් වතු කම්කරු ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ක්‍රියා කළ නායකයෙකු ලෙස තොන්ඩමන් මහතා ඉතිහාසයට එක්වේ. අවසන් කටයුතු හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරුනේ රාජ්‍ය අනුගහය ඇතිවයි.

    කොටගල පිහිටි කොංග්‍රස් කාර්මික ආයතනය වෙත ඊයේ රැගෙන ආ දේහය අද පස්වරු 1.දද දක්වා එහි තැන්පත් කර තිබිණ. අවසරලත් පුද්ගලයන් පමණක් සෞඛ්‍යාරක්‍ෂිත නිර්නායකයන්ට අනුව දේහයට අවසන් ලෞරව දැක්වූහ.

    1994 වසරේ දී පළමු වරට නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි තොන්ඩමන් මහතා 26 වසරක් අඛණ්ඩව මැතිසබය නියෝජනය කළේය. වතුකරයේ ජනතාවට සේවය කළ හැකි අමාත්‍යාංශ ගණනාවක් ඔහුට හිමිව තිබිණ. මිය යනවිට 55 හැවිරිදි තොණ්ඩමන් මහතාගේ 56වැනි ජන්ම දිනය පසුගිය 29 වැනිදාට යෙදී තිබිණ. ඒ මහතා තිදරු පියෙකි.

    මහා සංඝරත්නය, සර්ව ආගමික නායකයන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ මැති-ඇමතිවරුන් හා දේශපාලන නායකයින් ඇතුළු සීමිත පිරිසක් අවමංගල්‍ය උත්සවයට එක්වූහ.

    ජනාධිපතිතුමාගේ ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින්.

    අනතුරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස දේහයට අවසන් ගෞරව දැක්වූහ.

    ඉන්පසු දේශපාලන පක්‍ෂ නියෝජිතයින් සිය ශෝක ප්‍රකාශ ඉදිරිපත් කළේය. ජීවන් තොණ්ඩමාන් මහතා....

    “මගේ පියා කඳුකරයේ සංවර්ධනය ගැන ගොඩාක් සිහින දැක්කා. ඒ සියලු සිහින අපි සැබෑ කරනවා. ඔහු කඳුකරයේ ගම්මාන සෑදීම පිලිබඳව සිහින දැක්වා. ඒ සිහින සැබෑ කිරීම මගේ වගකීමක්. ලංකා කම්කරු කොංග්‍රසය ඉවරයි කියලා සමහරු හිතනවා. තාවකාලික අඳුරක් ඇතිවූවාට, හෙට දිනයේ ආලෝකය ඇති වෙනවා නිසැකයි“ ජීවන් තොණ්ඩමාන් මහතා පැවසීය.

    හින්දු ආගමික වතාවත්වලින් අනතුරුව තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරිණ. ඒ කඳුකර දෙමළ ජනතාවගේ සෝසුසුම් මධ්‍යයේ

    Latest News