මාවතගම, හඳුනානොගත් පළඟැටි විශේෂයක්

මැයි 31, 2020

    කුරුණෑගල, මාවතගම, පැන්සිස්කාවත්ත ප්‍රදේශයෙන් හඳුනානොගත් පළඟැටි විශේෂයක් වාර්තාවේ.

    එම ප්‍රදේශයේ අක්කර හතර හමාරක පමණ ප්‍රදේශයක මෙම පළඟැටි විශේෂය ශීග්‍රයෙන් පැතිරෙමින් පවතින බව, අප වාර්තාකරු පවසයි. සියළුම බෝගවලට මෙම පළඟැටි විශේෂය හානි සිදු කරයි. ඉතාමත් ආක්‍රමණශීලි සත්වයෙක් ලෙස හැඳින්වෙන මෙම පළඟැටි විශේෂය මෙරටින් හමුවූ ප්‍රථම අවස්ථාව බව වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඩබ්.ඒ. සීලරත්න මහතා පවසයි. රංචු වශයෙන් ගැවසෙන මෙම පළඟැටියන් ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.

    මේ පිලිබඳ ප්‍රදේශවාසීන් වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කළේය. අනතුරුව, මෙම සත්ව ගහණය පාලනය කිරීම සඳහා කෘමිනාශක දියර ඉසීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. ක්‍ෂේත්‍රයට අදාළ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පවසයි.

    කෙසේ වෙතත්, මේ සත්ව විශේෂය පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වූ පළඟැටි විශේෂය නොවන බව, පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්.ඒ. ඩබ්.ඒ. වීරකෝන් මහතා පවසයි.

    Latest News