ගිනි අවි හා ‍ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් 2ක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට

මැයි 31, 2020

    වැල්ලම්පිටිය පොලිසියේ ‍නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගිනි අවි දෙකක් හා ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    T56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, T56 පතරොමක්, විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මෙහිදී අත්අඩංගුවට පත්ව තිබේ.

    ඊයේ(30) උදෑසන 10.20 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී මැයි 25 වන දින සාලමුල්ල, කොලොන්නාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබු වෑන් රථයකට වෙඩි තබා අනර්ථයක් සිදුකිරිම, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් බවට අනාවරණය වී තිබේ.

    සැකකරු වයස අවුරුදු 25 ක් හා 31 යන වයස්වල පසුවෙන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    සැකකරු අද(31) අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News