අගමැති මහින්ද දළදා සමිඳුන්‌ වැඳ පුදාගනී (වීඩියෝ)

මැයි 30, 2020
  • වසර 50ක දේශපාලන දිවිය තුළ ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය පිළිබඳ නිහතමානීව සතුටු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, මහනුවර අද කළ සංචාරයකදීය. අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන්‌ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

    පසුව, මල්වතු මහා විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා මල්වතු මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්‌ වහන්‌සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා අනුනායක පූජ්‍ය දිඹුල්කඹුරේ විමලධම්ම හිමියන්‌ ද බැහැදුටුවා. අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අස්ගිරි මහා විහාරයට ගොස් මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරුන්‌ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

    Last modified on සෙනසුරාදා, 30 මැයි 2020 20:07

    Latest News