අත්හිටවූ කටාර් ගුවන් යානය 27 ලංකාවට

මැයි 26, 2020

    අත්හිටවනු ලැබූ කටාර් සිට පැමිණීමට නියමිතව තිබු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය අද (26) රාත්‍රියේදී යලි නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව එහි මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා ප්‍රකාශ කර සිටී.

    එලෙස පැමිණෙන ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් 273 දෙනෙක් සිටින බවත් එම විශේෂ ගුවන් යානය හෙට (27) අළුයම 5.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

    Latest News