බ්ලූමැන්ඩල් සංඛගේ අනියම් බිරිඳට මාංචු

දෙසැ 27, 2018

    ග්‍රෑන්ඩ්පාස් - හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුවූ (26) වෙඩි තැබීමට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නාහිර උතුර, නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මත පමුණුගම ප්‍රදේශයේ දී මෙම 45 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

    වැටලීම සිදුකරන අවස්ථාවේ දී බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල කණ්ඩායම් සාමාජිකයා ග්‍රෑන්ඩ්පාස්හිදී වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් හා ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිට ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. බ්ලූමැන්ඩල් සංඛ මේ වන විට පළාගොස් සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 09:43

    Latest News