ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක්

මැයි 25, 2020

    ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව හෙට, අනිද්දා සහ ලබන 28,29 යන දිනවල බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල මිලිමීටර 100කට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැක.

    වර්ෂාවේ තීව්‍රතාව හා ප්‍රමාණය මත ගංවතුර අවදානමක් ද පවතී. ඉදිරි දින කිිහිපය තුල මී ඔය, දැදුරු ඔය, මා ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කිරම ඔය, ඌරුබොකු ඔය පහත්බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70ත්, 80ත් අතර විය හැකි බැවින්, මුහුද ක්‍ෂණිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News