කොවිඩ්-19 අරමුදලට තවත් පරිත්‍යාග (වීඩියෝ)

මැයි 25, 2020
  • ටවර් හෝල් රඟහල පදනම සහ කැනොවින් හෝටල් සමාගම, කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලට මූල්‍යමය පරිත්‍යාගය සිදුකර තිබේ.

    එම පරිත්‍යාග පසුගියදා අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙනු ලැබීය. ටවර් හෝල් රඟහල පදනමේ සේවක මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලට පරිත්‍යාග කිරීම සිදු කළේ, එහි අධ්‍යක්‍ෂ ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතායි.

    කැනොවින් හෝටල් සමාගම රුපියල් මිලියනයක් පරිත්‍යාග කරනු ලැබීය. ඒ සමාගමේ සභාපති නිශාන්ත දයානන්ද මහතා විසින්.

    Last modified on සදුදා, 25 මැයි 2020 19:57

    Latest News