මෙරට කිසිදු වී හිඟයක් නැහැ; ලොකු මෝල් හිමියන්ගේ මවාපෑමක් (වීඩියෝ)

මැයි 25, 2020
  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, සමූපකාර ප්‍රා‍දේශික 08ක් සඳහා සහල් කිලෝ විසිපන් දහසක් මුදා හැරීමට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතිය පියවර ගෙන තිබේ.

    එම සංගමය නිෂ්පාදනය කළ සහල් තොග රුපියල් 89ක මිලකට දිවයිනේ සමූපකාර ප්‍රාදේශික සඳහා නිකුත් කිරීමට පියවර ගෙන ඇත. පොළොන්නරුව සමූපකාර ප්‍රාදේශික සඳහා සහල් ලබාදීම සිදු කෙරුණේ, එම සමිතියේ සභාපති මුදිත් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන්. රජය තවදුරටත් සමන්ට සහය ලබාදෙන්නේ නම්, සහල් අඛණ්ඩව සැපයිය හැකි බව එම සංගමය සඳහන් කරයි.

    “කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත පරිශීලනය කලාම ලංකාවේ කිසිදු වී හිඟයක් නැහැ. මහා පරිමාණ මෝල් හිමියෝ කිහිප දෙනෙක් විසින් සුපුරුදු පරිදි මවාපාන ලද සහල් හිඟයක් විධියටයි අපි මේක දකින්නේ කොරෝනා අර්බුදය නිසා තමන්ගේ ආදායම් අහිමිවෙලා ඉන්න පාරිභෝගික ජනතාවගේ ජිවන වියදම අඩුකිරිමේ අරමුණින් තමයි ජනාධිපතිතුමා හාල් කිලෝ එකක මිල රු.8ත්, 10ත් අතර මිලකින් අඩු කරන්න තීරණය කළේ “ යැයි මුදිත් පෙරේරා මහතා පැවසීය.

    රජය පාලන මිලට සහල් ලබාදීමට සූදානම් බව පොළොන්නරුව දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය ඊයේ පොළොන්නරුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටී.

    Last modified on සදුදා, 25 මැයි 2020 19:55

    Latest News