නාවික හමුදා සහයෙන් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සුරක්ෂිතයි (වීඩියෝ)

මැයි 25, 2020
  • නාවික හමුදා අනුඛණ්ය ස්ථාපනය කිරීමෙන් පසු අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත වූ බව විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ පවසයි.

    විහාරස්ථානය සතු නටඹුන් ආරක්‍ෂා කිරීම සහ ඉඩම් පිළිබඳ නෛතික සොයා බැලීම් අනිද්දා සිදු කිරීමට නියමිත බව උන් වහන්සේ කියා සිටී. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රමුඛ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් පිරිසක්, අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල සිදු කළ නිරීක්‍ෂණයකින් අනතුරුව එම විහාරස්ථානයේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපනය කරනු ලැබීය. එම නාවික හමුදා අනුඛණ්ඩය පැය 24 පුරා විහාරස්ථානයේ ආරක්‍ෂාව සලසා තිබේ. නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් 1952 වසරේ ගැසට් පත්‍ර යේ සඳහන් පරිදි විහාරස්ථානය සතු අක්කර 72 භඋමියෙන් සැලකිය යුතු ප්‍ර දේශයක් අනවසර පදිංචිකරුවන් අත්පත් කරගත්තේය. ඔවුන්, පුරාවිද්‍යා සීමාව තුළ පෞද්ගලික නිවාස ඉදිකර ඇති ආකාරය සහ ඇතැම් ස්ථානවල එම සීමා කනු ගලවා දමා ඇති ආකාරය ද පසුගියදා දක්නට ලැබිණ.

    පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ...

    “අපිට දැන් නිදහසේ හුස්ම ගන්න පුලුවන්. භයක් සැකක් නැතුව මේ පරිසරයේ වැඩවාසය කරන්න පුලුවන්. නාවික හමුදා අනුඛණ්ඩය පිහිටුවීමෙන් ආරක්‍ෂාව සලසනවා. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා අපිට විශ්වාසයි. ඒ නිසා මේ භූමිය වෙන්කරලා පුරාවිද්‍යා රක්‍ෂිතය වෙන්කරලා තියෙනවා“ යැයි පැවසීය.

    Last modified on සදුදා, 25 මැයි 2020 19:50

    Latest News