“සෙල්ෆි“ ගැසූ දෙදෙනාගේ සිරුරු සොයා ගනී

දෙසැ 26, 2018

    බණ්ඩාරවෙළ රාවණා ඇල්ල ඉහළ කොටසේ පිහිටි බඹරගම ඇල්ල ප්‍රදේශයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනේ.

    මෙම තරුණයන් දෙදෙනා සහ තවත් තරුණයෙකු පසුගියදා දියනෑමට එම ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසිය පවසයි. තරුණයන් තිදෙනාම දිය ඇල්ලෙන් පහළට වැටුණු අතර, දෙදෙනෙක් අතුරුදන් වූහ. අනෙක් පුද්ගලයා තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරිණ.

    Elala 01 Px 900 18 12 26

     

    මියගිය තරුණයන් දෙදෙනා බණ්ඩාරවෙල, හීල්ඔය සහ වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. එක් අයෙකු මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටි අයෙකි.

    ඔවුන් දෙදෙනාගේ සිරුරු සොයා ගනු ලැබුවේ, අම්පාර ඔල්විල් නාවික හමුදා කඳවුරේ කිමිඳුම් හා ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසිනි. තරුණයන් “සෙල්ෆි“ ඡායාරූප ගැනීමට යාමේදී පය ලිස්සීම අනතුරට හේතුවයි.

    Rawana px 900 18 12 26

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 26 දෙසැම්බර් 2018 16:54

    Latest News