පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන දිවයින පුරා (වීඩියෝ)

මැයි 24, 2020
  • රජය විසින් ආරම්භ කරනු ලැබූ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මකයි.

    පොළොන්නරුව, කවුඩුලුවැව ව්‍යාපාරයට අයත් විසෝබණ්ඩාර ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 05ක් අස්වැද්දීම මේ වනවිට ආරම්භ කර තිබේ. අතහැර දමා තිබූ මෙම කුඹුර අස්වැද්දීම ආරම්භ කෙරුණේ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන්.

    වසර 30ක කාලයක් පුරන්ව තිබූ අවිස්සාවේල්ල පඤ්ඤාගුල වෙල්යාය අස්වැද්දීම ඊයේ ආරම්භ කෙරිණ. අක්කර 05ක් පමණ අස්වැද්දීමට නියමිතයි.

    ලබුදූව, අඹගහවත්ත කුඹුරුයාය අස්වැද්දීම ඊයේ සිදු කෙරිණ. වසර 30ක කාලයක් එම කුඹුරු යාය ද අතහැර දමා තිබූ බව අප වාර්තාකරු සඳහන් කරයි. වගාවට අවශ්‍ය පොහොර සහ බිත්තර වී ලබා දෙන්නේ ලබුදූව ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින්.

    වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ලුණුවිල බටහිර සොයිසා යාය අක්කර 80ක කුඹුරු යායෙන් කොටසක් යළි අස්වැද්දීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර තිබේ. මෙම කුඹුරු යාය වසර 35ක සිට පුරන්ව පැවති බව අප වාර්තාකරු පවසයි.

    Last modified on ඉරිදා, 24 මැයි 2020 19:51

    Latest News