අන්තර් පළාත් බස් සේවා ලබන 26 සිට; අමාත්‍ය අමරවීර (වීඩියෝ)

මැයි 24, 2020
  • අන්තර් පළාත් බස් සේවා ලබන 26 වැනිදා සිට ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල පමණක් අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    කොළඹ-නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙන්නේ නිට්ටඹුව දක්වා පමණි. අංක 05 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා ධාවනය වේ. ගාලු පාරේ පැමිණෙන බස් රථ පානදුර දක්වා ද හයිලෙවල් හා ලෝලෙවල් මාර්ගවල පැමිණෙන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ල දක්වා ද ධාවනය කෙරේ.

    අනුරාධපුර, පුත්තලම හා කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට පැමිණෙන බස් රථ මීගමුවෙන් නතර කළ යුතුය. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කෙරෙන්නේ, කොට්ටාව දක්වා පමණි. බස් රථ ධාවනය පෙරවරු 4.30ට ආරම්භ කරන අතර පස්වරු 6.00ට අවසන් කෙරෙන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    Last modified on ඉරිදා, 24 මැයි 2020 18:54

    Latest News