ග්‍රෑන්ඩ්පාස් රත් කරමින් වෙඩි තැබීමක් - අයෙක් මරුට

දෙසැ 26, 2018

    ග්‍රෑන්ඩ්පාස්,හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට අද පෙ.ව 8.00ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    සිව් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ. මියගොස් ඇත්තේ 32 හැවිරිදි දිනේෂ් එරංග නමැති එම නිවාස සංකීර්ණයේම පදිංචි පුද්ගලයෙක්. වෙඩි තැබීම සිදුකළ බවට සැකකරනු ලබන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ යන අය බවයි. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News