මත්තල ගුවන් යානයක ගින්නක්

දෙසැ 26, 2018

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අද (26) උදෑසන ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබේ. 

    කෙසේවෙතත් ගුවන් තොටුපොල ගිනි නිවන භටයින් විසින් එම ගින්න නිවා දැමුණු බවයි අප වාර්තාකරු පවසන්නේ. අදාළ ගුවන් යානයේ එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ගින්නක් ඇති වී තිබෙන්නේ CVK 7042 දරණ කාගෝ ගුවන් යානයේයි.

    එම යානය ඊයේ (25) පස්වරුවේ තායිලන්තයේ සිට මත්තලට පැමිණ ඇති අතර අද (26) උදෑසන  ඕමාන් බලා පියාසර කිරීමට සූදානම්වීමේ දී ගින්න ඇති වී තිබෙනවා. ඒ වනවිට කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු යානයේ රැදී සිට ඇතත් ඔවුන් කිසිවෙකුට හානි සිදුවී නැහැ. ගින්නට හේතුව පිළිබද විමර්ශන සිදු කෙරෙනවා.

    Latest News