සුනාමියෙන් මියගිය අය සිහිකර මිනිත්තු 2ක නිහඩතාවක්

දෙසැ 26, 2018

    සුනාමි ඛේදවාචකයට අදට වසර 14ක් සපිරේ. 2004 වසරේ සිදුවු එම ඛේදවාචකයෙන් මිය ගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් විවිධ ප්‍රදේශවල සංවිධාන කර තිබේ.

    ඔවුන් සිහිපත් කිරීම වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වෙනු ඇති. සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන් ජාතික සුරක්ෂිතා දින උත්සවය ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වෙන බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ආගමික වතාවත් සිදු කෙරුණේ ජපන් සම්ප්‍රදායට අනූවයි. ජලය මත පහන් පා කරමින් ආගමික චාරිත්‍ර ඉටු කෙරිණ. එය සිදු කරන ලද්දේ රූමස්සල සාම විහාරාධිපති පූජ්‍ය අවුන් හිමියන් විසිනි.

    Last modified on බදාදා, 26 දෙසැම්බර් 2018 08:46

    Latest News