දක්ෂිණ අධිවේගයේ අනතුරකින් මව මරුට - පියාට, දරුවන්ට බරපතලයි

දෙසැ 26, 2018

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පොලිස් වසමේ 33.6L යන ස්ථානයේ දී අද (26) අළුයම 1.05 ට පමණ සිදුවු රිය අනතුරකින් මවක් ගොස් තිබේ.

    පියා සහ දරුවන් බරපතල තුවාල ලබා ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    මාතර දෙසට ධාවනය වු වෑන් රථයක් රියදුරුට නින්ද යෑම හේතුවෙන් අසල තිබු කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත. වෑන් රථයේ ගමන් කර ඇත්තේ, එකම පවුලේ පියා, මව හා දරුවන් තිදෙනායි.දරුවන්ගෙන් දෙදෙනෙක් ගැහැණු දරුවන් වන අතර, එක් දරුවෙක් පිරිමි දරුවෙක් වෙයි.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ තුවාලකරුවන් 4 දෙනෙක් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් ගැහැණු දරුවෙකු හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ මව පසුව මිය ගොස් තිබේ.හොරණ රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 14 ක් වු දියණිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව ද පොලීසිය පවසයි.අනතුරින් මිය ගොස් ඇත්තේ වලගස්දූව, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි නිර්මලා කුමුදුනී හෙට්ටිආරච්චි නැමති තිදරු මවකි.මෘත ශරීරය මේ වන විට කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇත. ගැලනිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News