බස්නාහිරට ඩෙංගු අධිඅවදානමක්

දෙසැ 26, 2018

    ඩෙංගු මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය හා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මැදිහත් වීමෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු උවදුර ව්‍යාප්ත වීමේ අධි අවධානමක් ඇති බවට සිදු කළ සමීක්‍ෂනයක දී හෙළිව ඇත.

     මෙම සමීක්‍ෂණ වැඩසටහන පසුගිය දෙසැම්බර් 13 හා 14 යන දිනයන් තුල දී සිදු කර ඇත. බස්නාහිර පළාත තුල ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන සිදුකළ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

    එහිදී සිදුකල සමීක්‍ෂණයෙන් බස්නාහිර පළාතේ ස්ථාන 57,657 ක් පරික්‍ෂාවට ලක් කර ඇති අතර එයින් ස්ථාන 12,471 ක් ඩෙංගු මදුරුවන් බෝ වීමේ අධි අවධානමක් ඇති ස්ථාන බවට හදුනාගෙන ඇත. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන් තුළ මදුරුවන් බෝ වීමේ අවධානම 20% කට වඩා වැඩි බව හදුනාගෙන ඇත.


    කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන් තුළ ඇති ආගමික ස්ථාන හා පාසල්, ඉදිකිරීම් ස්ථාන පරීක්‍ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවධානම ඉතා ඉහළ බවට අනාවරණය වී ඇත.
    බස්නාහිර පාළාත තුළ ජීවත්වන ජනතාවට ඩෙංගු උවදුරෙන් ආරක්‍ෂා වීම සදහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරයාගෙන් අදාළ තාක්‍ෂනික උපදෙස් ලබා ගත හැකි බව ජාතික ඩෙංගු මර්ධණ ඒකකය වැඩි දුරටත් දන්වා සිටී.

    Latest News