මංගල, අද (19) දෙවන දිනටත් CIDයට (වීඩියෝ)

මැයි 19, 2020
  • හිටපු අමාත්‍ය මංගල සමරවීර අද දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

    ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

    සමරවීර මහතා මෙලෙස කැඳවා තිබුණේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් මන්නාරම දිස්ත්‍රික්කයට රැගෙන යාම පිළිබඳව සිදු කෙරෙන පරීක්‍ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි.

    එම අවතැන් වූ පිරිස ප්‍රවාහනය සඳහා මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරුණු බව, වාර්තා වේ.

    Last modified on අඟහරුවාදා, 19 මැයි 2020 19:51

    Latest News