අත්‍යවශ්‍ය සේවා සඳහා‌ විශේෂ ප්‍රවාහන පහසුකම්

මැයි 18, 2020

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරිනීතිය අද උදේ 5.00ට ඉවත්‌ කෙරිණ.

    එම ප්‍රදේශවලට අද රාත්‍රී 8.00 ට යළි ඇඳිරිනීනිය පැනවීමට නියමිතයි.

    අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන්‌ අද විශේෂ ප්‍රවාහන පහසුකම්‌ සලසා තිබුණා. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම සේවක සේවිකාවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක තිබූ බවයි වාර්තා වන්නේ. කලින්‌ වෙන්‌ කර ගත්‌ ආසනවලට අමතරව, දුම්රිය ස්ථානයෙන්‌ ප්‍රවේශ පත්‌ මිලදීගෙන ප්‍රවාහන පහසුකම්‌ සලසා ගැනීමට ද සීමිත පිරිසකට අවස්ථාව ලබා දී තිබුණා. සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්‌ අනුගමනය කරම්න්‌ ආසන ගණනට පමණක්‌ දුම්රිය මගීන්‌ ගෙන යාමට ක්‍රියා කළ බවයි, දුම්රය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. බස්‌ රථවලින්‌ ද මගී ප්‍රවාහනය සිදු කෙරුණා.

    Latest News