පිටකොටුව බස් සේවකයින් හා නාට්ටාමිවරුත් පීසීආර් පරීක්ෂණයට

මැයි 15, 2020

    කොළඹ කොටුව ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් හා ඒ අවට සිටින නාට්ටාමිවරුන්ගේ පීසීආර් පරීක්ෂණ අද දිනයේ සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.

    එමෙන්ම කොරෝනා ආසාදනය වූ නාවික හමුදා නිලධාරීන්ගෙන් සුවය ලබා මේ වන විට පිටව ගොස් ඇති සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සුවය ලැබූ 32ක් රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 16:05

    Latest News