කොවිඩ්19 නිසා නිපදවන නව නිපැයුම් කර්මාන්තයක් ලෙස සංවර්ධනයට කාලයයි මේ (වීඩියෝ)

මැයි 12, 2020
  • කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට දේශීයව නිපදවන නව නිපැයුම් කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට කාලය එළඹ ඇතැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා....

    “කර්මාන්තයක් ලෙස රටේ ව්‍යාප්ත කිරිමට අවස්ථාව සැලසිලා තියෙනවා. ගුණත්වය සහතික කිරිම අත්‍යවශ්‍ය කරුණක්. මුඛ ආවරණ, අත්වැසුම් හා අත් සෝදන දියර වර්ග ආදිය භාණ්ඩ වර්ග 11ක් කොයිඩ් වසංගතයට අදාළව මේ වනවිට සකස් කරලා හමාර කරලා තියෙනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    ආචාර්ය සිද්ධිකා සේනාරත්න මිය...

    “ප්‍රමිතිය භාවිතා කිරිමට නැඹුරුවක් නැහැ රටේ. මේ අපි හදල තියෙන ප්‍රමීතින්ට අනුව හැමෝම මේ අලුතින් හදපු භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියලා තමයි ඉල්ලන්නේ“ යැයි ශ්‍රී ලංකා ප්‍රමිති අයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

    Last modified on අඟහරුවාදා, 12 මැයි 2020 20:15

    Latest News