වසා දැමූ ගම්මානයකින් කෝටි 4ක මත්කුඩු

මැයි 09, 2020

    පුත්තලම  නගරයේ  නිවසක ලී අල්මාරියක ඉතා සූක්ෂම අයුරින් සගවා  බෙදා හැරීමට සුදානම් වූ බ්‍රවන් ෂුගර් වර්ගයේ හෙරෝයින් මත් කුඩු තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ  කොට්ඨාශ විෂ මත් ද්‍රව්‍ය ඒකකය පවසයි.

    හෙරෝයින් මත් කුඩු  ප්‍රමාණය කිලෝ  4 ග්‍රෑම්  368 බවත් මෙය රුපියල් කෝටි හතර හමාරකට වැඩි මුදලකට අලෙවි කිරීමට සුදානමි කර තිබූ බවයි පොලිස් නිළධාරින් පවසන්නේ.

    මෙම තොගය සගවා තිබූ නිවස පිහිටා ඇත්තේ ඉකුද්දා  කොරෝනා වෛරස අසාධිතයකු හමු වූ වසා දමා  තිබූ කවඩයම්කුලම් ගම්මානය තුලයි.

    ගම්මානය වසා තිබූ කාලය තුල ඉතා සුක්ෂම  අයුරින් හොර රහසේ මෙම නිවස තුලට මෙම මත් කුඩු තොගය ගෙන විත්  සාමාන්‍ය  ලී අල්මාරියක් ලාච්චු  වෙනස්  කර සැක නොහිතන අකාරයට මෙම කුඩු තොගය ගබඩා කර  තිබේ.

    සිද්ධිය සම්බන්ධව එක් අයකු මුලින්ම අත් අඩංගුවට ගෙන  ප්‍රශ්ණ කර පසුව,දිගින් දිගටම විමර්ශණය කිරීමේදී ලී අල්මාරිය වෙනස්  කල බඩු බාස් ඇතුළු සිද්ධියට සමබන්ධ පුද්ගලයින් 07 දෙනකු  දැනට අත් අඩංගුවට ගෙන තිබේ.

    මෙම අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයින් අතරින් එක් අයෙක් සහෝදරයන් දෙදෙනක් දැනටමත් හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි මූලික විමර්ශණවලි දී අණාවර්ණය වී ඇත්තේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශණ සදහා පුත්තලම පොලීසය භාර දීමට නියමිත අතර පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 15:41

    Latest News