මෙරට සුවය ලැබූ ගණන 240ක් දක්වා ඉහළට

මැයි 08, 2020

    අද (08) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (07) දිනයේ රෝගීන් 27 දෙනෙකු හඳුනා ගත් අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගියේය.

    කෙසේ වෙතත් මේ වන විට ලංකාවේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 575 ක් වෙයි.

    කොරෝනා ආසාදනය හේතුවෙන් ලංකාවේ මේ වන විට මරණ 9 ක් සිදුව තිබේ.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 15:21

    Latest News