ඖෂධ රැසක් නිෂ්පාදනය කිරීමට සැලසුම්

මැයි 08, 2020

    සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට සැළසුම් සකස් කෙරේ.

    ඒ අනුව ඖෂධ ආනයනයට වැය වූ විනිමය විශාල ප්‍රමාණයක් රටට ඉතිරි කරගැනීමට ඉදිරියේදී අවස්ථාව සැලසෙනු ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.

    රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමටත්, ඖෂධ මිලෙහි පවත්නා වෙළඳ අධිකාරියෙන් ජනතාව ආරක්ෂා කිරීමටත් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ක්‍රියා කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිර්දේශ කර ඇති පරිදි යහ නිෂ්පාදන පුරුදු හෙවත් GMP අවශ්‍යතා සපුරාලමින් ක්‍රියාත්මක වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රටේ ඖෂධ අවශ්‍යතාවයෙන් 12%ත් 15%ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණ කරනු ලබන ඖෂධ නිෂ්පාදනයට අදාළ සුවිශේෂී ඉලක්කයන් රැසක් සම්පුර්ණ කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කර ඇත.

    Latest News