පිළිකා රෝහලේ ඖෂධ හිඟයක් - කඩිනමින් ආනයනයට ඇමති උපදෙස්

දෙසැ 23, 2018

    මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය සියලුම ඖෂධ හෙට (24) ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඖෂධ හිගය හේතුවෙන් රෝගීන් ඇතුලත් කර ගැනීම පසුගිය සිකුරාදා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරිණ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්විම මත ඖෂධ ලබාදීමට පියවර ගැනීමත් සමග යළි රෝගීන් ඇතුලත් කර ගැනීම ආරම්භ විය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු දිවයින පුරා රෝහල්වල පවතින ඖෂධ හිගය පිළිබද සොයා බැලීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වීය. එහිදී ඖෂධ හිගය කඩිනම්න් අවසන් කිරිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මහරගම අපේක‍ෂා රෝහලේ නේවාසිකව සහ භාහිරව ප්‍රතිකාර ලබන රෝගින් සදහා අත්‍යවශ්‍යය ඖෂධ වර්ග 05 ක හිගයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබුනි. ඖෂධ හිගය හේතුවෙන් රෝගින් ඇතුළත් කර ගැනීම ද පසුගිය ( 21 ) දින තාවකාලිකව අත්හිටුවා තිබුනි. එ අනුව අවශ්‍ය ඖෂධ වර්ග 05 හෙට (24) වන විට මහරගම අපේක‍ෂා රෝහලට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා නිළධාරින්ට එහිදී උපදෙස් ලබාදිණි.

    එක් පිළිකා ඖෂධයක අපේක‍ෂිත ඇණවුමෙන් හදිසි තොගයක් ගුවන් මගින් ගෙන්වා ගැනීමට ද එහිදී තීරණය විය. තවත් එක් ඖෂධයක් දේශීය නියෝජිතයාගෙන් ලබාගෙන රෝහලට ලබාදිමට නියමිතය. සෙසු ඖෂධ වර්ග 05ක් හදිස්සි මිල දී ගැනීම් වලින් ලබා ගැනීමට තීන්දු විය. මේ අතර පිළිකා ඖෂධ කඩිනමින් ලබා දීමට අපොහොසත්වන සැපයුම්කරුවන් අසාදු ගත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත. මහරගම අපේක‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගින්ට අවශ්‍ය තවත් ඖෂධ වර්ග 07 ක හිගයක් පවතින බවත් නියෝජ්‍ය අධ්‍යක‍ෂ ජෙනරාල් (වෛද්‍ය සැපයුම්) ලාල් පනාපිටිය මහතා එහිදී පැවසීය. එම ඖෂධ වර්ග ද කඩිනමින් මිල දී ගෙන රෝහල්වලට ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදින.

    දිවයින පුරා රෝහල් වල තවත් ඖෂධ වර්ග 71 ක හිගයක් පවතින බව වෛද්‍ය ලාල් පනාපිටිය මහතා එහිදී අනාවරණය කලේ‍ය. මෙම ඖෂධ වර්ග 71 කඩිනමින් මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් පිරිනැමීය.

    රාජිත සේනාරත්න මහතා ඔක්තොම්බර් 26 ට පෙර සෞඛ්‍ය අමාත්‍යධූරය හොබවන කාලයේ ආනයනය කරන ලද අක‍්ෂිකාච මාස 06 කට අවශ්‍ය තරම් තොග පවතින බව නිලධාරිහු ප්‍රකාශ කලහ.මාස 02 කට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම ඖෂධ හිගය රෝහල් වල ඇතිවිය. එහි දී ඖෂධ ආනයනය නොකිරිම සහ මුදල් නොමැතීවීම නිසා මෙම ඖෂධ හිගය ඇති වුවත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තම අමාත්‍යධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඖෂධ හිගය මගහැරවීමට අවශ්‍ය පියවර මේ වන විය ගෙන ඇත.

    Latest News