කිලිනොච්චි ගංවතුරින් 43,000ක් පීඩාවට

දෙසැ 23, 2018

    අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ මුලතිව් කිලිනොච්චි මන්නාරම යන දිස්ත්‍රික්කයන් හි ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව පවති.

    හතළිස් තුන්දහසකට අධික පිරිසක් අවතැන්ව සිටින බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ද පීඩාවට පත් ජනතාවට සහන කටයුතු සළසා ඇත.

    අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව මුදාගැනීම සඳහා නාවික හමුදාව මේ වනවිට එම ප්‍රදේශවල සහන සැලසීමේ කටයුතුවල යෙදී සිටී. ඩිංගි යාත්‍රා නවයක් සහ නාවික සහන කණ්ඩායම් 06ක් ඊයේ අදාළ ස්ථාන වෙත අනුයුක්ත කෙරිණ.

    kiliflood px 900 18 12 23

    ඉරණමඩු, ශාමිකුලම්, ඔට්ටුසුඩාන් සහ වසන්තපුරම් යන ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ ජනතාව සඳහා සහන කටයුතු ද නාවික හමුදාව විසින් දියත් කර තිබේ. ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි ගැබිණි කාන්තාවක් ආරක්‍ෂක ස්ථානයක් වෙත රැගෙන යාමට ද නාවික හමුදාව ක්‍රියා කළේය.

    කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටව පවතී. සියලුම වැව් පිටාර ගලමින් තිබේ. ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    kiliflood1 px 900 18 12 23.jpg copy

    උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනී.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 23 දෙසැම්බර් 2018 11:51

    Latest News