ලොව විශාලතම මගී යානයක් කටුනායකට හදිසියේ ගොඩ බස්සයි

දෙසැ 22, 2018

    ඒ-380 එයා බස් වර්ගයේ ලොව විශාලතම මගී ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (22) අලුයම හදිසියේ ගොඩබස්සවා ඇත.

    අබුඩාබී සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගමන් කරමින් තිබියදී එහි සිටි මගියෙකු හදිසියේම අසනීප විමෙන් මෙම හදිසි ගොඩ බැස්ව තිබේ.

    අලුයම 5.30ට පමණ ගුවන් යානය කටුනායකට ගොඩ බස්සවා ඇති අතර එම අවස්ථාවේ මගීන් 490ක් සහ කාර්ය මණ්ඩලය 22ක් එහි සිටි බව වාර්තාවේ. යානයේ සිට අසනීප වූ ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙතත් පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහල වෙත යොමු කෙරිණ.

    එතිහාර්ඩ් ගුවන් සේවයට අයත් මෙම යානය සියලු පෙරවරු 7.33ට පමණ නැවත ඕස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 22 දෙසැම්බර් 2018 18:21

    Latest News