වී වගාවට දුඹුරු පැළ කීඩෑ උවදුරින් හානි

දෙසැ 22, 2018

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගාව ආශ්‍රිතව දුඹුරු පැළ කීඩෑ උවදුර ශීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් හටගනී.

    මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර 84ක් මේ වනවිට සාර්ථකව වගා කර තිබේ. දුඹුරු පැළ කීඩෑ උවදුර පිළිබඳව කුරුණෑගල, වැවගෙදර, තිත්තවැල්ල, උඩවල්පොළ, පොතුහැර සහ පොල්ගහවෙල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. ඊට අමතරව, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ද රෝගය ගැන වාර්තා වී ඇති බව, වයඹ පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඩබ්.ඒ.සීලරත්න මහතා පවසයි.

    මේ හානියෙන් වගාව ආරක්‍ෂා කරගැනීම සඳහා නිරන්තරයෙන් ගොයම පරීක්‍ෂාකර කීඩෑවන් සිටී නම්, වහාම කෘෂිකර්ම උපදේශකවරුන් දැනුවත් කර උපදෙස් ලබාගත යුතුය. මේ සම්බන්ධව ගොවීන් දැනුවත් කිරීමේ ක්ෂේත්‍ර වැඩසටහන් සහ අත්පත්‍රිකා බොදාහැරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා තිබේ.

    Destroyed px 900 18 12 22

    මේ අතර, උතුරු මැද පළාතේ බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් දැඩි හානි සිදුව ඇතැයි අප වාර්තාකරු පවසයි. අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අක්කර සියයකට වැඩි ප්‍රමාණයක බඩ ඉරිඟු විනාශ වී තිබේ. ගොවීන් පවසන්නේ, දීර්ඝ කාලයකට පසු ලැබුණු වර්ෂාවෙන් සාර්ථක අස්වැන්නක් ලබාගැනීම තිබූ අවස්ථාව මේ නිසා අහිමි වී ඇති බවයි.

    ගැටලුව කෙරෙහි අවධානය යොමු කර යෝග්‍ය විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News