පනාගොඩ කඳවුරේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

අප්‍රේ 26, 2020

    පනාගොඩ යුද හමුදා කඳවුරේ සිවිල් රාජකාරී කටයුතුවලට යෙදී සිට නිවාඩු ලබා අලව්ව ප්‍රදේශයේ නිවසට පැමිණි අයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    ඔහු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනා ගැනුණේ ඉකුත් 13 වැනිදා ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුලත්වීමෙන් අනතුරුවයි.

    ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කෙරුණු අතර මෙම තැනැත්තා ඖෂධ ලබාගත් පෞද්ගලික බෙහෙත් ශාලාවක වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කිරිමටයි පියවර ගෙන ඇත්තේ. එම බෙහෙත් ශාලාව වසා දැමුණු අතර එහි සේවකයින්ද නිරෝධායනයට යොමු කර තිබේ.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 18:28

    Latest News