ඇඳිරි නීතිය ලිහිල් කළ පසු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි

අප්‍රේ 26, 2020

    ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

    25 වැනිදා රජය විසින් ගන්නා ලද තීරණය අනුව පුද්ගලික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව ගමන් කිරීමට දින ලබා දී ඇති ආකාරයට මෙය ක්‍රියාවට නැංවේ.

    එබැවින් ලංගම සතුව පවතින බස් රථ පොදු ප්‍රවාහන සේවා සඳහා යොදවනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවන් එනම්, සෞඛ්‍ය, ආරක්ෂක, හා රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවල සේවය සඳහා ප්‍රවාහනය කළ යුතු පිරිසට පමණක් වනු ඇත.

    සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍යම නොවන කාරණාවන් සඳහා පොදු ප්‍රවාහන සේවා තුළින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන අතර වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා රජය විසින් ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය කියා සිටියි.

    Latest News