නීතිපති දෙපාර්තමේන්තුව වැඩ හෙට සිට වැඩ

අප්‍රේ 26, 2020

    තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අවසර හිමිවීම හේතූවෙන් එහි කටයුතු හෙට (27) සිට යළි ආරම්භ කරන බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

    නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සේවිකාවකට කොරොනා වයිරසය ආසාදිත වී නොමැති බව ටී.සී.ආර්. පරීක්‍ෂණයේදී හෙළි වීමෙන් අනතුරුව දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට අවසර දෙන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අවසර හිමිවීම හේතූවෙන් මෙම පියවර ගෙන ඇත.

    නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සේවිකාවක් ආහාර ලබාගෙන ඇත්තේ කොරොනා වයිරසය ආසාදිත බව තහවුරු වු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කාන්තාවකගෙන් බව හෙළි වීමෙන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුව තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා ලදී.

    Latest News