ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් පළමු සිසුන් පිරිස හෙට ලංකාවට

අප්‍රේ 20, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන්ගෙන් පළමු කණ්ඩායම හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දියාව හා පකිස්තානයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබමින් සිටි එම පිරිසට, 100 දෙනෙක් ඇතුළත්.

    මෙම සිසුන් කණ්ඩායම රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූඑල් - 1208 විශේෂ ගුවන් යානය පිටත් කර යැවීමටයි, පියවර ගෙන ඇත්තේ. මෙම පිරිස දිවයිනට පැමිණීම, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා ගුවන් තොටුපොළ ඒ සඳහා සූදානම් වන ආකාරය පිළිබඳ නිරික්ෂණය කිරීමට, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    Latest News