සතුන්ගෙන් සිදුවන හානි කළමනාකරණයට විසඳුමක්

ඔක් 19, 2018

    වන සතුන්ගෙන් සිදුවන වන හානි කළමනාකරණය සඳහා තිරසර විසඳුමක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    එහි වගකීම පැවරී ඇත්තේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයටයි.

    මෙරට වගා කරන බෝගවලින් 30ත් 35ත් අතර ප්‍රමාණයකට වන සතුන්ගේ හානි සිදුවන බව වාර්තා වෙයි. ඊට විසඳුමක් හඳුනාගැනීමේ සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධාන්වයෙන් ඊයේ (18) පැවැත්විණි.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ සත්ත්ව හිංසා වැළැක්වීම සඳහා ක්‍රියා කරන ස්වෙච්ජා සංවිධාන රැසක නියෝජිතයෝ ඊට එක්ව සිටියේය.

    පශ්චාද් අස්වනු කළමනාකරණ ආයතනය, චීන රජයේ විශේෂඥ කණ්ඩායමක් සමඟ කළ සමීකරණයකට අනූව, අප රටේ පසු අස්වනු හානිය රුපියල් මිලියන 18,000ක් බව හෙළිවී තිබේ.

    සතුන්ට මෙන්ම මිනිසුන්ට ද හානියක් නොවන ලෙස වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

    Last modified on සිකුරාදා, 19 ඔක්තෝබර් 2018 12:23

    Latest News