ගෑස් වැඩිවෙන්නේ නෑ

ඔක් 19, 2018

    ඛනිජ තෙල් මිල ඉහළ ගිය ද ගෑස් මිල වැඩි නොකරන බව රජය පවසයි.

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගෑස් සමාගම් අතර පැවති සාකච්ජාවකදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණි බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ඊයේ (18) පැවති සාකච්ජාවට ලිට්රෝ ගෑස් සමාගමේ සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහු ද එක්ව සිටියහ.

    ගෑස් සැපයුම්කරුවන් ප්‍රකාශ කළේ දැනට ක්‍රියාත්මක මිල ක්‍රමවේදය පිළිබඳව තමන් එකඟ වන බවයි.

    නමුත් ප්‍රවාහන වියදම් ගැටලුවක් බව ඔවුන් සඳහන් කළේය.

    එමනිසා ගෑස් මිල තීරණ ක්‍රමවේදයට ප්‍රවාහන වියදම් ද ඇතුළත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

    පසුගිය සැප්තැම්බර් 27 වැනි දා ගෑස් සඳහා උපරිම මිලක් ලබාදීම සිදු කෙරුණේ ප්‍රවාහන වියදම් ද ඊට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

    එම නිසා නැවතත් ගෑස් මිල වැඩිකිරීමෙන් පාරිභෝගික ජනතාවට අසාධාරණයක් වන බව, අමාත්‍යා රිෂාඩ් බදියුදීන් මහතා කියායේය. සාකච්ජාවට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    LitroGas1 750px 18 10 19

    Latest News